ඔයාලා දෙන්නගේ විවාහ පොරොන්දම් ටික ආදරෙන් ගළපලා බලමුද?
විවාහය කියන්නේ ආත්ම දෙකක එකතුවක් නේද? නිකම්ම පරිගණකයකින් ප්‍රින්ට් කරලා දෙන කොළ කැබැල්ලකට ඔයාලගේ ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා. මම මගේම අතින්, ඔයාලා දෙන්නගේම උපන් විස්තර රාහු කාලය මඟහැර සියුම්ව පරීක්ෂා කරලා, දෝෂ මගහරින්න විසි පොරොන්දම් වගේම කුජ දෝෂ, ශනි-මංගල දෝෂ ඔක්කොම සලකා බලනවා. අද වන විට මේ ආකාරයට පරම්පරාගතව මෙය සිදු කරන එකම ස්ථානය මෙයයි. පොරොන්දම් ගැලපීම මෙන්ම, ඊටත් වඩා වැදගත් වන දෙදෙනාගේම ග්‍රහ ගැලපීම බැලීමත් මම මගේම අතින් සිදු කරනවා — අපගේ ආසපුවේ මේ සම්පූර්ණ ක්‍රියාවලියට දින 3-4ක් පමණ ගතවෙනවා. ලියපු ලියවිල්ල මගේ පිරිත් මණ්ඩපයේ තියලා පැය 4-6ක් පිරිත් බලයෙන් ආශිර්වාද කරලා, ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වය සහ දෝෂවලට කරන්න ඕනේ පිළියම් සහිත පූර්ණ වාර්තාව සහ ලස්සන PDF එකක් මම දින 3-4කින් ඔයාලගේ වට්ස්ඇප් එකටම එවන්නම්. පොරොන්දම් බලන ඔයාලට මම ආදරයෙන් මතක් කරන්නෙමි — අපෙන් නැතත් කවුරුන්ගෙන් හෝ අනිවාර්යයෙන්ම ග්‍රහ ගැලපීමක් සිදුකරගන්න.
ප්‍රධානම පොරොන්දම් 8
දෙදෙනාගේ ආයුෂ, සෞඛ්‍යය, ශරීර සුවතාව සහ සිතුම් පැතුම්වල ගැලපීම පරීක්ෂා කරයි.
දෙදෙනාගේ ගතිපැවතුම්, චරිත ස්වභාවය සහ කෝපය පාලනය (දේව, මනුෂ්‍ය, රාක්ෂ) ගැලපේදැයි බලයි.
ලිංගික ගැලපීම, ශාරීරික ආකර්ෂණය සහ එකිනෙකා කෙරෙහි ඇති වෙන සරාගී බැඳීම තීරණය කරයි.
මානසික එකඟතාව, එකිනෙකා තේරුම් ගැනීම සහ පවුල් ජීවිතයේ සමගිය/සතුට පරීක්ෂා කරයි.
ලග්නාධිපතියන් අතර මිත්‍රත්වය මඟින් දීර්ඝකාලීන හිතවත්කම සහ සහයෝගය බලයි.
ජානමය/ලෙයින් එන ගැලපීම සහ ලැබෙන දරුවන්ගේ නිරෝගීභාවය තීරණය කරයි.
දරු සම්පත් ලැබීම, සෞභාග්‍යය සහ විවාහයේ දීර්ඝකාලීන පැවැත්ම තීරණය කරයි.
සැමියාගෙන් බිරිඳට ලැබෙන ආදරය, සෙනෙහස, සැලකිල්ල සහ ආරක්ෂාව පෙන්වයි.